ඉන්දීය ප්‍රිමියර් තරඟාවලියේ තරඟ කිහිපයක් ශ්‍රී ලංකාවේද පවත්වන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI)ලේකම් ජේ ෂාගෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.

Secretary jay shaa


IPL තරඟාවලිය එළඹෙන මාර්තු 22 සිට ආරම්භ වන අතර සියලුම තරඟ ඉන්දියාවේ පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණ අතර ඒ BCCI ලේකම් ජේ ෂා සමඟ සිදුකළ සාකච්ඡා වලින් අනතුරුවය. කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු මහතා හා ජේ ශාහ් අතර පැවති හදිසි හමුවකදී ශ්‍රී ලංකා අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කොට ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක් මෙරටදී පවත්වන ලෙසයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන සම්බන්ධයෙන් මේ වන විට මතභේද රැසක් මතුව ඇත. මීට හේතු වී ඇත්තේ මෙම වසරේ අගභාගයේදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක් සභා මැතිවරණයයි.

Share.

Comments are closed.