අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට නව ක්‍රමවේදයක් ලෙස ප්‍රථමවරට නයිට්‍රජන් වායුව භාවිත කරන බව වාර්තා වේ.

මරණ දඬුවම නියම වූ කෙනත් ඉයුජින් ස්මිත් නැමති මෙම පුද්ගලයා නයිට්‍රජන් වායුව යොදාගනිමින් මරණයට ලක්කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම මතභේදාත්මක ක්‍රමය එක්සත් ජනපදයේ භාවිතා කරන පළමු අවස්ථාව මෙය ලෙස සඳහන්‍ වේ.

58 හැවිරිදි ස්මිත් සඳහා අවසන් අභියාචනා දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ෆෙඩරල් අභියාචනාධිකරණයට ඉදිරිපත් වුවද ඉන් තහවුරු වූයේද ඔහු ඊට වරදකරු බවය. එක්සත් ජනපදයේ සහ මරණ දණ්ඩන තොරතුරු මධ්‍යස්ථානයට අනුව ලෝකයේ ඕනෑම තැනක පිරිසිදු නයිට්‍රජන් වායුව භාවිතයෙන් මරණයට පත් කළ පළමු පුද්ගලයා ස්මිත් ය. ඔක්සිජන් නොමැතිව වායුව ආශ්වාස කිරීම සෛල බිඳ වැටීමට හේතු වන අතර මරණයට හේතු වේ.

2022 වසරේ දී ස්මිත් හට, මාරාන්තික එන්නත් කිරීමක් සිදු කර මරණ දණ්ඩනය ලබා දීමට උත්සාහ කර ඇතැත් එය අසාර්ථක විය.
ඔහු 1989 දී කාන්තාවක් ඝාතනය කර තිබුණේ එම කාන්තාවගේ ස්වාමිපුරුෂයාගේ මගපෙන්වීම යටතේ වන අතර එය කුලී මිනී මැරීමක් ලෙස සැලකේ.

Share.

Comments are closed.