ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ ප්‍රබලතම ක්‍රීඩිකාවක් වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියට කැඳවා තිබේ.

එංගලන්ත ක්‍රීඩිකා ලෝරන් බෙල් වෙනුවට උත්තර් ප්‍රදේශ් වොරියස් පිලට ආදේශ ක්‍රීඩිකාවක් ලෙස චමරි කැඳවීම් ලබා සිටින්නීය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස ද ඇයට සම්මාන පිරිනැමූ අතර චමරි වසරේ එක්දින සහ විස්සයි20 යන කණ්ඩායම් දෙකේම නායිකාව ලෙස ක්‍රිකට් සභාව විසින් පසුගියදා නම් කළේය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකා වෙන්දේසිය පසුගියදා පැවැති අතර එහිදී කිසිඳු කණ්ඩායමක් චමරි මිලදී ගැනීමට ඉදිරිපත් වූයේ නැත. 

Share.

Comments are closed.