දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ටතම මාතෘ රෝහල වන කරාපිටිය නව මාතෘ රෝහල මාර්තු මස දිනෙක සෞඛ්‍ය සේවාවට එක්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බහු ‍කාර්ය සංවර්ධන සහායක පුහුණුලාභීන් වශයෙන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ 93 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ III) ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කරමිනි.

බහු ‍කාර්ය සංවර්ධන සහායක පුහුණුලාභීන් වශයෙන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ 93 කට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ III) ශ්‍රේණියේ තනතුරට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

Share.

Comments are closed.