හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 

අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍යවරයාගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. 
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ ( පෙබරවාරි 01 වෙනිදා) අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නියෝග කළේ ප්‍රශ්නගත මානව ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද ( පෙබරවාරි 2 වැනිදා) උදෑසන 9.00 ට පෙනී සිටින ලෙසය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කළේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවය. බාල ප්‍රතිදේහක ඖෂධ බෙදා හැරීම සහ රජයට කෝටි ගණනක අලාභයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ අතර මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු නිලධාරින් රැසක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

Share.

Comments are closed.