පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම ප්‍රදර්ශනය කරන ලෙස පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව සියලුම පෞද්ගලික රෝහල්වලට සහ වෛද්‍ය ආයතනවලට ලිපියකින් දැනුම් දී තිබේ.

බොහෝ පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සේවා ගාස්තු සම්බන්ධයෙන් මිල ප්‍රදර්ශනයක් නොකරන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි සඳහන් වේ.

ඇතැම් වෛද්‍ය ආයතන හිතු මනාපේ මිල ගණන් අය කරන බවට ජනතාව චෝදනා කරති.

Share.

Comments are closed.