ක්‍රියාන්විත මෙහෙයුම් සම්බන්ධ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම සහ කලාපයේ හමුදා ක්‍රියාකාරීත්වය තුළින් රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම අරමුණු කරමින් ඉන්දියාව, ප්‍රංශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ගුවන් හමුදා අතර ඒකාබද්ධ හමුදා අභ්‍යාස මාලාවක් පවත්වා ඇතැයි සඳහන්‍ වේ.

එමීර් රාජ්‍යයේ අල් ධෆ්රා ගුවන් හමුදා කඳවුරු භූමියේ පසුගියදා සිදු කළ එම අභ්‍යාස මාලාවට ප්‍රංශයේ රෆේල් ප්‍රහාරක ගුවන් යානාවක් සහ එමිරේට්ස් ගුවන් හමුදාවට අයත් එෆ්-16 ප්‍රහාරක යානාවක් ද භාවිත කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

‘ඩෙසර්ට් නයිට්‘ නමින් හඳුන්වනු ලැබූ එම අභ්‍යාස මාලාවට ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා කිහිපයක්ද එක් කර තිබු බවත් සඳහන් වේ. රටවල් ත්‍රිත්වයේ ගුවන් හමුදාවල අන්තර් ක්‍රියාකාරකම් ඉහළ නැංවීමේ අරමුණින් එම අභ්‍යාස මාලාව සිදු කළ බව සඳහන් .

Share.

Comments are closed.