එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නයේ 37 වැනි ආසියා පැසි­ෆික් කලා­පීය සමු­ළුවේ සමා­ර­ම්භක සැසි­වා­රය ජනා­ධි­පති රනිල් වික්‍ර­ම සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අද (20) කොළඹ හිල්ටන් හෝට­ලයේ දී පැවැත්වේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නයේ අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය Qu Dongyu මහතා සහ කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා ඇතුළු ආරා­ධි­තයෝ රැසක්ද මේ අව­ස්ථා­වට සහ­භාගි වෙති.
ලබන 22 දක්වා පැවැ­ත්වෙන මෙම සමු­ළු­වට ආසියා පැසි­ෆික් කලා­පයේ රට­වල් 44ක නියෝ­ජි­ත­යන් සහ­භාගි වන අතර, ඉන් රට­වල් 27ක කෘෂි­කර්ම අමා­ත්‍ය­ව­රුන් නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රුන් මෙන්ම නිල­ධා­රින් ද ඇතු­ළුව 300කට අධික පිරි­සක් සහ­භාගි වීමට නිය­මි­තය.

මෙම 37 වැනි ආසියා පැසි­ෆික් සමු­ළුවේ දී කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා රට­වල් කිහි­ප­යක කෘෂි­කර්ම අමා­ත්‍ය­ව­රුන් සමඟ ද්විපා­ර්ශ්වික සාකච්ඡා ඇර­ඹී­මට නිය­මි­තය. කොවිඩ් 19 වසං­ගත තත්ත්වය හා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බු­ද­යෙන් පසු මෙර­ටට වැඩිම රාජ්‍ය නියෝ­ජි­ත­යින් පිරි­සක් එක්වර සහ­භාගි වන එකම සමු­ළුව මෙය වේ.

Share.

Comments are closed.