ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ අපේක්ෂා කරන ආර්ථික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසි ලෙස සිදු නොවුණහොත් රටේ ආර්ථිකය කෙරෙහි අතිශය අහිතකර බලපෑම් එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

වසර 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව සෑම වසරකම මාස හයකට වරක් මුදල් ප්‍රතිපත්ති වාර්තාව එළිදැක්විය යුතු වේ.
ඒ අනුව වසර 2023 ජුනි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව 2024 පෙබරවාරි 21 වැනිදා නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කලේය.

මෙම ප්‍රතිපත්ති වාර්තාව මඟින් සියයට පහ ඉක්මවන වත්මන් උද්ධමන අනුපාතයක් වාර්තා කළ ද මැදිකාලීනව සියයට පහක සාමාන්‍ය උද්ධමනයක් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉලක්ක කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version