“වෙරළ හා ධීවර  වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සක්‍රීය යාන්ත්‍රණයක්” සැකසීමට රජය තීරණය කර ඇත.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ  සංවිධානයෙන්  හා අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ  සියලු රාජ්‍ය ආයතන එක්ව සිදුකරගෙන යනු ලබන මෙම වැඩසටහන සම්බන්ධ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

“වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සදහා සකසන ලද  යෝජනාවලිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙහිදී ඉදිරිපත් කළේය.
මෙම යෝජනාවලිය අනුව වෙරළ ආශ්‍රිත කලාපයේ අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධිත සියලු ආයතන නියෝජනය වන පරිදි වෙරළ  කලාපය කළමනාකරණය සදහා කමිටු පිහිටුවනු ලබයි.

මෙමගින් වෙරළ කලාපය හා ධීවර වරාය වල පරිසර දූෂණය පාලනය කිරීම , අවම කිරීම හා වැලැක්වීම සදහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග කඩිනමින් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත. 

Share.

Comments are closed.