ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා “ගාසා හි ළමා අරමුදලක් (Children of Gaza Fund)” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. අමරිකානු ඩොලර් මිලියනයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ප්‍රදානය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනාවක් ගෙන ආ බව කැබිනට් ප්‍රකාශක, විෂයභාර ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ගාසා තීරයේ යුධමය හා අනෙකුත් අවාසිදායක තත්ත්වයන් තුළ කුසට සම්පූර්ණ ආහාර වේලක් නැති, විලි වසා ගැනීමට හරියට වස්ත්‍රයක් නැති, බිත්ති හතරකින් වට වූ තමන්ගේ කියා  නිවහනක් නැති සෝ සුසුම් මැද ජීවත් වෙන දරුවන්ට සහන සැලැස්වීම සඳහා ලංකා ආණ්ඩුව අ‍මරිකානු ඩොලර් මිලියනයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ප්‍රදානය කිරීමටත්, ලංකාවේ මුස්ලිම් බැතිමතුන් විවිධ උත්සව සඳහා සමරන මුදල්ද ඒ අරමුදලට යොදා ගාසා තීරයේ දරුවන්ට පිහිටවීම සඳහා ඒ අරමුදල් යොදා ගන්නා ලෙසත්, ඊට විශේෂ අරමුදලක් හදන්න රජය මිලියන ලක්ෂයක මුදලක් ප්‍රදානය කරන්න තීරණය කළ බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන මෙම අරමුදලට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී තිබේ.

එසේම මේ සඳහා ජනතාවගේ දායකත්වය ද අපේක්ෂා කරන අතර විපතට පත් දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහාය. රාමසාන් මාසය තුළ Òගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)Ó සඳහා දායක වීමට කැමැති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාගයන් අප්‍රේල් මස 11 වැනිදාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ රිසිට්පත 077-9730396 වෙත WhatsApp හරහා යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටියි.

Share.

Comments are closed.