නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත කෙටුම්පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නව මූල්‍ය නීති රාමුවක් කෙටුම්පත් කිරීමට සහ යෝජිත රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට එකී මූල්‍ය නීති රාමුව ඇතුළත් කිරීමට 2023-5-8 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

මේ අනුව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් අනෙකුත් භාණ්ඩාගාර දෙපාර්තමේන්තු සහ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකුගේ සම සභාපතිත්වය යටතේ පත්කරන ලද අධීක්ෂණ කමිටුවක උපදේශකත්වය සහ ප්‍රතිපත්තිමය මඟ පෙන්වීම යටතේ මූලික කෙටුම්පතක් සකසනු ලැබ ඇත.

එකී මූලික කෙටුම්පත මත පදනම්ව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත්  සම්පාදකට උපදෙස් දීමටත් යෝජිත පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලබන තෙක් මුදල්  රෙගුලාසි සම්පාදනය ආරම්භ කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස භාණ්ඩාගාරයේ ලේකම්ට බලය පැවරීමටත් මුදල් ආර්ථික ස්ථායීකරණ  සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Share.

Comments are closed.