අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කලේය. 

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (Small and Midsize Enterprise) සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ  මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.    

ව්‍යාපාරිකයන් මෙන්ම මූල්‍ය ආයතන ද අර්බුදයට පත් නොවන ආකාරයට අප කටයුතු කළ යුතු අතර පරාටේ නීතිය හමුවේ ඇති වන පීඩා මඟහරවා ගැනීමට කටයුතු කළ යුතු යැයි අධිකරණ අමාත්‍යවරයා කීය.

Share.

Comments are closed.