කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේ දී (UNEA-6) ශ්‍රී ලංකාව සම්මාන දිනා ගත්තේය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින්  ශ්‍රී ලංකාවට හිමි “කඩොලාන ප්‍රතිසංස්කරණයේ ගෝලීය ප්‍රමුඛයා” සම්මානය ලබා ගත්තේය.

කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) මූලස්ථානයේ පැවැති මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද සහභාගී විය.
දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයේ පරිහානිය සහ පරිසර දූෂණය යන ත්‍රිත්ව අර්බුද සඳහා විසඳුම් සෙවීමේ දී සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දීම එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වන සැසි වාරයේ ප්‍රමුඛ අරමුණකි.

Share.

Comments are closed.