මෙරට වැඩිහිටි ජනගහනයෙන් ලක්ෂ විසිහයකට ආසන්න ප්‍රමාණයක් ජීවිත් වීම සඳහා කිසිදු ආකාරයක නිශ්චිත ආදායමක් නොලබන බව අනාවරණය වී තිබේ.

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍ය හා සංඛ්‍යාන මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ සිදුකරන ලද විශ්ලේෂණයකින් මේ බව හෙළි වී ඇති බවයි. මේ පිරිස අතර සැලකිය යුතු ප්‍රමාණයක් යම්කිසි මුදලක් ස්ථාවර තැන්පතු ලෙස බැංකුවල තැන්පත් කර එයින් ලැබෙන මාසික පොලියෙන් ජීවත් වුවද මේ වන විට රට තුළ ස්ථාවට තැන්පතු පොළිය පහළ යාම හේතුවෙන් එම ආදායමද අහිමි වී ඇති බවයි.

මේ අනුව පොලි අනුපාතයන් මත අසාධාරණයට ලක්ව සිටින වැඩිහිටි ජනතාව ගැන රජයේ විශේෂ අවධානයට ලක්විය යුතු ඇති බවද ඒ මහතා කියා සිටියේය.

Share.

Comments are closed.