ගෙවුණු පැය 24 ක කාලය තුළ වායු තත්වය විශාල වශයෙන් දුෂණය වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 

මෙසේ වැඩිම වායු දුෂණ තත්වය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම වායු දූෂණ දර්ශකය 114 ක් ලෙස සටහන් වේ
මෙම තත්වය සංවේදී පුද්ගලයින්ගේ සෞඛ්‍යමය වශයෙන් අහිතකර බලපෑමක් ඇති විය හැකි බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මීට අමතරව වායු දූෂණ දර්ශකය ගාල්ල කරාපිටියේ 90ක්ද පුත්තලම නගරයේ 88 ක්ද කුරුණෑගල සහ අනුරාධපුරය නගරවල 86 වශයෙන්ද සටහන් වී ඇත.
රටේම වායු දූෂණය දර්ශකයේ 50 සීමාව ඉක්මවා තිබීම සංවේදී පුද්ගලයින්ට බලපෑමක් ඇති වීමේ අවධානමක් පැවතිය හැකි බැවින් මේ පිළිබඳව ජනතාව අවධානය පසුවන්නැයි එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම වායු තත්වය විටින් විට වෙනස්විය හැකි බවද හෙට දිනයේද මෙවැනි තත්වයක් අපේක්ෂා කළ හැකි බවද එහි සඳහන්‍ ය.

Share.

Comments are closed.