ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන මුකේෂ් අම්බානි මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සඳහා ශ්‍රී ලංකාවේ සූපවේදීන් 13 දෙනෙකු ද එක්ව ඇත.

මෙම සූපවේදීන් පිරිස ඇගයීම් සහ නිර්දේශ මත තෝරා ගෙන ඇති අතර එක් සූපවේදිනියක් ද ඊට ඇතුළත් වී සිටි බව සඳහන් වේ.
විවාහ මංගල උත්සවයට සහභාගී වන පිරිස සඳහා දිවා ආහාරය සහ රාත්‍රී ආහාර පිළියෙල කිරීම ඔවුන්ගේ වගකීම වූ බව වාර්තා විය.

මංගල සාදයට එක්වූ මෙම සූපවේදීන් පිරිස අද උදෑසන නැවත යළි මව්බිමට පැමිණියහ.

Share.

Comments are closed.