එළඹෙන උත්සව සමය සදහා බිත්තර කෝටි 04ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේ ඊට අදාළ ඇණවුම් සැපයුම්කරුවන් වෙත දැනටමත් ලබා දී ඇති බවයි.

ඒ අනුව බිත්තරයක් රුපියල් 43කට මිලදී ගැනීමට අවස්ථාව සලසන බව ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේය.
උත්සව සමයේ හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට බිත්තර ලබා දීම වැඩපිළිවෙලේ අරමුණයි. ඇණවුම් කෙරුණු බිත්තර ලබන සතියේ සිට මෙරටට ලැබීමට නියමිතය.

මීට අමතරව වෙළෙඳපොලේ බිත්තර හිඟයක් ඇති වුවහොත් අවශය සංචිත පවත්වා ගැනීමට ද පියවර ගෙන තිබේ.
ආනයනික බිත්තර ලංකා සතොස මගින් නිකුත් කිරීමට නියමිතය.

Share.

Comments are closed.