සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි  මෙරට මුස්ලිම් පල්ලි වෙත සංකේතවත් ලෙස ලබා දීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

මෙරට ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2500 ක් තිබෙන  බැවින් එක් පල්ලියක් සඳහා රට ඉඳි කිලෝ විස්සක් ලබා දීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ඉසෙඩ්.ඒ.එම් ෆයිසාල් මහතා සහ දෙපාර්තමේන්තු නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Share.

Comments are closed.