කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තයක් ඉදිකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

එහි ලේකම් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ නව මගී පර්යන්තයේ පිටත්වීමේ කවුළු 30ක් අලුතින් ස්ථාපිත කරන බවයි. දැනට පවතින මගී පර්යන්තයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව මගී පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව ලේකම්වරයා පැවසීය.

මේ වසරේ දෙසැම්බර් මස 31 වෙනි දාට පෙර ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.
දේශීය ඉදිකිරීම් සමාගමක් ඉදි කිරිම් කටයුතු  සඳහා තෝරා ගෙන ඇතැයි ලේකම්වරයා පැවසීය.
ඉදිකිරීම් සඳහා වැය වන මුදල රුපියල් බිලියන 2.5 ක් ලෙස සඳහන් වේ.

Share.

Comments are closed.