ඩුබායි කොන්සල් ජෙනරල් කාර්යාලයේ මෙහෙයවීමෙන් සංවිධානය කල “Sri Lanka Beyond your dreams” වැඩසටහන දෙස් විදෙස් ව්‍යාපාරිකයන්. රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ වෘත්තිකයන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා මාර්තු 8 වන සිකුරාදා දින අල් හබ්තූර් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. සංචාරක, ආයෝජන සහ වෙළෙඳාම යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ විභවයන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම උත්සවය අති සාර්ථක අන්දමින් පැවැත්විණි.

ප්‍රධාන ආරාධිතයින් ලෙස, ශ්‍රී ලංකා විදේශ කටයුතු පිලිබද රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඉන්දියාවේ හිටපු එමීර් රාජ්‍ය තානාපති ආචාර්ය අහමඩ් අල් බන්නා, සහභාගී වූහ.කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා සිය සමාරම්භක දේශනයේදී ආරාධිත අමුත්තන් උණුසුම් ලෙස පිළිගනිමින් ශ්‍රී ලංකාව පිලිබඳ දේශනයක් ඉදිරිපත් කරනු ලැබිණ..

එම අවස්ථාව සඳහා විශේෂයෙන් ඩුබායි වෙත පියාසර කළ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා රටේ අනාගත අපේක්ෂාවන් අවධාරණය කරමින් වර්තමාන ආර්ථික තත්වය, ශ්‍රී ලංකාවේ වෙළඳ හා ආයෝජන විභවයන් පිළිබඳව ආකර්ෂණීය දේශනයක් කළේය. ප්‍රමුඛ පෙළේ ඉන්දියානු ව්‍යාපාරිකයෙකු වන ආචාර්ය නීලිවෙතිල් රජීව් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පවත්වාගෙන යාම පිළිබඳ ඔහුගේ අත්දැකීම් සභාව සමග බෙදා ගනු ලැබිණ. මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාර්ථක ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වන UUDS Aero DWC LLC සමාගම් හි ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් බෝගොඩ මහතාද ශ්‍රී ලංකාව තුළ පවතින ශ්‍රම විභවයන් අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ නිපුණතා සහ අර්ධ නිපුණතා සහිත රැකියා සඳහා ඇති හැකියාව පිළිබඳව සභාව අමතනු ලැබීය.

Share.

Comments are closed.