මෙරට සිටි එකම පිරිමි සීබ්‍රා සත්වයා මිය ගොස් ඇති බව දෙහිවල සත්ව උද්‍යානය සඳහන් කලේය. මෙම මරණය සිදුව ඇත්තේ අභිජනන කටයුත්තක් සදහා රිදියගම සෆාරි උද්‍යානයේ සිට දෙහිවල සත්ව උද්‍යානයට ගෙන එන අතරතුරදීය.

දැනට ලංකාවේ සිටින්නේ ගැහැනු සීබ්‍රා සත්වයින් දෙදෙනෙකු පමණී.
අධි මාත්‍රාවෙන් ලබා දුන් එන්නතක් හේතුවෙන් මෙම පිරිමි සීබ්‍රාවා මිය ගොස් ඇති බව දෙහිවල සත්ව උද්‍යානයේ සේවකයින් චෝදනා කරති.

ඔවුන් චෝදනා කරන්නේ සත්වෝද්‍යානයට ගෙන ඒමට සූදානම්ව සිටියදි පශු වෛද්‍යවරු එන්නත් ලබා දෙමින් සහ පෙති වර්ග ලබා දෙමින් සිහි නැති කර මෙම සත්ත්වයා රැගෙන ආ බවයි.

එමෙන්ම මින් පෙර මෙවැනි ආකාරයටම ජිරාෆ් සතුන් 6 දෙනාගෙන් 4 දෙනෙකුම මරණයට පත් වූ බවත් අද වනතුරුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් නැති බවත් එම වෛද්‍යවරු අදටත් මෙම ප්‍රතිකාරවල සිටින නිසා මෙම මරණ සිදුවන බව එම චෝදනා වල වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.