අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදා ගැනීමේ මෙහෙයුම් රක්නා ලංකා සමාගමට පවරා තිබේ. 
මෙතෙක් එම කටයුතු සිදු කලේ පොලිස් විශේෂ කාර්ය බලකායයි. නමුත් ඔවුන් එම කටයුතුවලින් ඉවත්වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, පෙරේදා සිට රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් මාර්ගයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.
ඒ සඳහා මසකට රුපියල් මිලියන 12 ක් පමණ වැය කිරීමට සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ ය. 

කෙසේ වෙතත් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම හා කුරුණෑගල අතර කොටසේ ආරක්ෂක හා මුදා ගැනීමේ මෙහෙයුම් පළාත් පාලන ආයතන වෙත පවරා ඇති බව අධිකාරිය සඳහන් කලේය.  

Share.

Comments are closed.