2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය හරහා රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව රාජ්‍ය අමාත්‍යවර අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේය. 

2022 සහ 2023 යන වර්ෂවල දී සංශෝධිත නව පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය සමඟින් රැදවියන් බන්ධනාගාර තුළ සිටම රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලැබු බවත් ඒ අනුව වැලිකඩ, මහර, අගුණකොලපැළැස්ස යන බන්ධනාගාරයන් හි සපත්තු, කොයිල් සහ ආහාර නිෂ්පාදනය කෙරෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Share.

Comments are closed.