මෙරට රියදුරු බලපත්‍රය, ඉතාලි රියැදුරු බලපත්‍රයට හරවා ගැනීමේ ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන්, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

ඔවුන් පවසන පරිදි වසර 2 ක පමණ කාලයක සිට ඒම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවේ.

ඉතාලියේ රියැදුරු රැකියාවකට පැමිණි අයෙකුට,  ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රයකට හරවා ගැනීමේ ක්‍රමවේදය හරහා විශාල පිරිසකට රැකියා අවස්ථා හිමිව තිබේ.

එම ක්‍රමවේදයට අත්හිටුවීම තුළින් විශාල පිරිසකගේ රැකියා අවදානමක් මතුව ඇතැයි, ඔවුන් පෙන්වා දුන්හ.
ඒ් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ දෙරට අතර ඇති කරගත් ගිවිසුමක් හරහා ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍රය ඉතාලිය රියැදුරු බලපත්‍රයකට හරවා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවයි.

එහෙත් මේ වනවිට එම ගිවිසුම අවසන් වී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය. 
ඔහු පැවසුවේ එම ගිවිසුමට අදාළ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
ඒ සඳහා දෙරට මෝටර් රථ බලධාරීන් සාකච්ඡා කරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

Share.

Comments are closed.