ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් ඔවුන් සඳහන් කරන්නේ සත්කාරකත්වයද සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබාගෙන ඇති බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.
2026 ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ තරග ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇති අවස්ථාවක මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව නිසැකයෙන්ම ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම විශේෂත්වයකි.  2026 පෙබරවාරි, මාර්තු වල පැවැත්වෙන් මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් තරග 55ක් ක්‍රීඩා කිරීමට නියමිතය.

සාර්ථක අත්හදා බැලීමේ කාල සීමාවකින් පසුව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ සම්මත අංගයක් බවට පත්කරමින් නැවතුම් ‘ඔරලෝසු රීතිය’ ස්ථිරවම ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

අයි.සී.සි. සභාපති ග්රෙග් බාර්ක්ලේගේ ප්‍රධානත්වයෙන් ඩුබායිහි දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල රැස්ව ඊයේ (15) පවත්වා ඇත.
සියලුම සුදු පන්දු ක්‍රීඩා සඳහා මෙම රීතිය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය, සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ වේගය සහ උද්දීපනය පවත්වා ගැනීමට ඇති කැපවීම අවධාරණය කරයි.

Share.

Comments are closed.