රේගු වෘත්තිය සමිති  මේ වනවිට ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පරීක්ෂණ අංගන තුළ බහාලුම් විශාල ප්‍රමාණයක් අවහිර වී ඇති බව  බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, වරාය බහාලුම් 600 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට සිරවී ඇති බවයි.
මේ සම්බන්ධයෙන්  රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවතියද, අත්‍යවශ්‍ය සේවා කිහිපයක සේවා කටයුතු සිදුවන බවයි.

මේ පිළිබඳව මුදල් අමාත්‍යංශය දැනුවත් කළ බව අරුක්ගොඩ මහතා පැවසීය. පසුගිය සිකුරාදා රේගු වෘත්තිය සමිති කිහිපයක් අතිකාල සේවාවලින් ඉවත් වී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහ.

ඒ  රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ පවතින ගිණුමක් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමිනි. රේගු නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරිවරුන්ගේ සංගමය සහ රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය මෙම වෘත්තිය  ක්‍රියාමාර්ගයට ඇතුළත්ව සිටිති.

Share.

Comments are closed.