Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ඕස්ට්‍රේලියාවෙ හොඳම තරුණ නීතිඥයාට හිමි සම්මාන දෙකක් ලාංකික නීතිඥයෙකුට
sri Lankan special

ඕස්ට්‍රේලියාවෙ හොඳම තරුණ නීතිඥයාට හිමි සම්මාන දෙකක් ලාංකික නීතිඥයෙකුට

kumudikaBy kumudikaMarch 19, 2024Updated:March 19, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඕස්ට්‍රේලියාවේදී හොඳම තරුණ නීතිඥයාට හිමි සම්මාන දෙකක් ශ්‍රී ලාංකික නීතිඥයෙක් වන මනෝජ් ප්‍රනාන්දු මහතාට හිමිව ඇත.

2024 වසරේ “ටස්මේනියාවේ හොඳම තරුණ නීතීඥයා” සම්මානය සහ 2024 වසරේ “සමස්ත ඕස්ට්‍රේලියාවේ ම සංක්‍රමණිකයන් වෙනුවෙන් පෙනී සිටින තරුණ ඔස්ට්‍රේලියානු නීතිවේදියා” ලෙසට එම සම්මාන ද්විත්වය ඔහුට හිමි වී ඇතැයි සඳහන්.

ටස්මේනියාවේ 2024 වසරේ තරුණ නීතීඥයාට හිමි සම්මානය පිරිනමනු ලබන්නේ ටස්මේනියානු නීති වෘත්තියට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් සහ නීතීඥ වෘත්තියට විශිෂ්ට ආදර්ශයක් වන වෘත්තිකයන් වෙනුවෙනි.

2024 වසරේ තරුණ ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නීතිවේදියා සම්මානය ඔස්ට්‍රේලියාවේ හෝ ජාත්‍යන්තරව සංක්‍රමණ නීති ක්ෂේත්‍රයේ තරුණ නීතීඥයින්ගේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරමින් ලබා දෙන බව දැක්වේ.
ඕස්ට්‍රේලියාවේ නීති කවුන්සිලය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වනු ලබන අතර මෙවර එය සිදු කරනු ලැබුවේ පසුගිය 14 වැනිදා මෙල්බර්න් හිදීය.

2017 වසරේදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති මනෝජ් ප්‍රනාන්දු මහතා ටස්මේනියා විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර ඇති අතර 2021 වසරේ මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියානු නීතීඥයෙකු ලෙස වෘත්තිමය කටයුතු ආරම්භ කර තිබේ.

ඔහුගේ විශේෂිත වූ ක්ෂේත්‍ර වන්නේ සංක්‍රමණ නීතිය සහ සාමාන්‍ය නඩු පැවරීම වන අතර ජාත්‍යන්තර සිසුන්ට නොමිලේ සංක්‍රමණ නීති උපදෙස් ලබා දීම සඳහා සංක්‍රමණ නීති සායනයක් ද ඔස්ට්‍රේලියාවේ තරුණ නීති ප්‍රජාව සමඟ ඒකාබද්ධව ආරම්භ කර ඇත.

එමෙන්ම ටස්මේනියානු ප්‍රජාවට නොමිලේ උපදෙස් ලබා දීමට මනෝජ් ප්‍රනාන්දු හොබාර්ට් ප්‍රජා නීති සේවයේ නීතීඥයෙකු ලෙස ද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙමින් සිටින බව වාර්තා වේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article“පුවක් ”  අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමට පියවර
Next Article ලොව වඩාත් උසස් ගිලන්‍ රථ සේවය ලෙස “සුව සැරිය ” නම් කෙරේ
kumudika

Related Posts

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.