Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ලොව වඩාත් උසස් ගිලන්‍ රථ සේවය ලෙස “සුව සැරිය ” නම් කෙරේ
sri Lankan special

ලොව වඩාත් උසස් ගිලන්‍ රථ සේවය ලෙස “සුව සැරිය ” නම් කෙරේ

kumudikaBy kumudikaMarch 19, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

1990 හදිසි ඇමතුම් අංකය මඟින් මෙරට ක්‍රියාත්මක සුවසැරිය ගිලන්රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගි කරගනිමින්, නොමිලයේ සේවා සපයන ලොව වඩාත් උසස් ගිලන්රථ සේවාවක් ලෙස ලෝක බැංකුව මගින් හඳුන්වාදී ඇත.

ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ ලොව ගිලන් රථ සේවා අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය ගිලන්රථ සේවාව පත්වී ඇති බවය. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය සභාපති මාර්ටින් රේසර් ලෝක බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත සුවසැරිය පිළිබඳ වාර්තාවක් ගොනු කර ඇත්තේ දකුණු ආසියාවේ දුප්පත්කම තුරන්කිරීමේ තේමාව යටතේය.

එම වාර්තාවේ දැක්වෙන පරිදි 2016 වසරේදී සුවසැරිය ගිලන් රථ සේවාව මෙරට හඳුන්වාදීමෙන් පසු මේ දක්වා මිලියන 1.8ක ශ්‍රී ලාංකිකයින් 1990 සුවසැරිය ගිලන්රථ සේවාව සමග සම්බන්ධවී ඇත.

එසේම ඇමතුමක් හා සම්බන්ධව සාමාන්‍ය ලෙස විනාඩි 12ක කාලයක් ඇතුළත ගිලන් වු පුද්ගලයා ආසන්නයේ පිහිටි රෝහලක් වෙත හෝ සත්කාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට සුවසැරි සේවය සමත් වී තිබේ.
ඒ අනුව ලොව ගිලන්රථ සේවාවන් අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය නම්කර ඇති බවද ලෝක බැංකුව වාර්තාව මගින් පෙන්වාදෙයි.

2018 වසරේ විශේෂිත පාර්ලිමේන්තු පනතක් මගින්, නිදහස් පෞද්ගලික සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන රජයේ ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමෙන් පසු සුවසැරිය ගිලන් රථ සේවාව වඩාත් කාර්යක්ෂම වූ බවද ලෝක බැංකු වාර්තාව මගින් පෙන්වා දෙයි.

ආරම්භයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව දැන් පවත්වාගෙන යනු ලබන්නේ ලක් රජය විසිනි.
ඒ සඳහා පෞද්ගලික අංශයේ ප්‍රදානයන්ද යොදාගෙන ඇති අතර අනුග්‍රාහකත්වයන්ද අපේක්ෂා කරයි.

දකුණු ආසියාවේ විප්ලවකාරී ඩිජිටල් සෞඛ්‍ය සහ හදිසි සේවා ව්‍යපෘතියක් වන සුවසැරිය සංවර්ධනය වෙමින් පවතින රටවල ඒ සඳහා පුරෝගාමීත්වය සපයන බවද ලෝක බැංකුව සඳහන් කරයි.

මුල් කාලයේදී නාගරික ප්‍රදේශවල පමණක් ක්‍රියාත්මක වුවද අද සුවසැරිය 1990 හදිසි ගිලන්රථ සේවාව වෙත ලැබෙන ඇමතුම් ප්‍රමාණයෙන් 63%ක්ම ග්‍රාමීය ප්‍රදේශවලින් ලැබෙන ඇමතුම් වීමද මෙහි විශේෂත්වයකි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඕස්ට්‍රේලියාවෙ හොඳම තරුණ නීතිඥයාට හිමි සම්මාන දෙකක් ලාංකික නීතිඥයෙකුට
Next Article විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා පහසුකම් සැපයීමේ RTA ව්‍යාපෘතියේ 3 වන අදියර අවසන්
kumudika

Related Posts

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.