පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් සුනඛයන්ගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑම සිදු වෙමින් ඇත. මේ නිසාවෙන් එම සතුන්ට ආතතිය ඇතිවී ජල භීතිකා රෝගය වර්ධනය වීමේ අවදානමක් පවතින බව රජයේ පශු වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ සභාපති පසු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසයි.

එසේම කෘෂිකාර්මික සත්ව පාලනයේ නිරත ගොවි ජනතාව ද තම සත්වයන්ට ඇතිවන සංකූලතා පිළිබඳ දැඩි අවධානයක් යොමු කල යුතු බවද ඒ මහතා සඳහන් කලේය.

පවතින අධික උෂ්ණත්වය නිසාවෙන් කිකිළියන් බිත්තර දැමීමේ අඩුවක් දකින්නට හැකි බවත් එමෙන්ම ගවයින්ගෙන් දිනකට ලබාගත හැකි කිරි ප්‍රමාණයේ අඩුවක් දැකිය හැකි වන බවද ඒ මහතා පැවසීය.

ඒ හේතුවෙන් නිවාස වල සහ ගොවිපළවල සිටින සතුන්ට නිරන්තරයෙන් ජලය ලබාදීමට කටයුතු කිරීමත්, හැකි තරම් වාතාශ්‍රය ලබා ගැනීමට හැකි ආකාරයෙන් එම සතුන් ගාල්කර තැබීමත්, අවශ්‍ය විටමින් වර්ගයන් සතුන්ට ලබාදීමට කටයුතු කිරීම වැනි කටයුතු සඳහා අවධානයක් යොමු කරන ලෙසද  ඉල්ලා ඇත.

Share.

Comments are closed.