පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක වනිඳු හසරංගට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් තරග තහනමක් පනවා ඇත.
ඊට හේතු වූ වරද වූයේ බංග්ලාදේශය සමග පැවැති එක් දින ක්‍රිකට් තරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ආචාර ධර්ම කඩ කිරීමයි.

වනිඳු හසරංග අදාළ තරගාවලියේදී විනිසුරු තීරණයට විරුද්ධත්වය පෙන්වීම තුළින් ආචාර ධර්ම කඩ කර ඇතැයි, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වේ.

ඒ අනුව බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ තරග දෙකම ඔහුට තහනම් කළ බව අදාළ නිවේදනයේ  වැඩි දුරටත් සඳහන්ය.
වනිඳු හසරංග වසර තුනකට පසුව පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවූයේ සඳුදා (18) දිනයේදී යි.

මේ අතර වනිඳුට තරග ගාස්තුවෙන් සියයට පනහක් දඩ ලෙස නියම කර ඇති අතර, දඬුවම් ලකුණු 3ක්ද ලබා දී ඇත.
නිමා වූ මාස 24ක කාලය තුළ වනිඳුට ලබා දී ඇති දඩුවම් ලකුණු සංඛ්‍යාව 8කි.

මේ අතර බංග්ලාදේශයට එරෙහි තුන් වැනි එක් දින ක්‍රිකට් තරගය අවසානයේදී විනිසුරුවරුන්ට අතට අත දීමේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ආචාර ධර්ම කඩවන ලෙස කටයුතු කළ බවට එල්ල වූ චෝදනා පිළිගත් ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස්ටද දඩ නියම කර තිබේ.

ඒ අනුව ඔහුටද තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් නියම කර ඇති අතර, දඬුවම් ලකුණු 3ක් ලබා දුන් බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.