කන්කසන්තුරේ වරායෙහි පූර්ණ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රධානයක් ලබාදීමට ඉන්දියානු රජය කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සඳහන් කලේය.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ වරාය තුළට විශාල නැව් සහ යාත්‍රා ඇතුළු කිරීමට මීටර් 7ක් පමණ වරාය පතුළ ගැඹුරු කිරීමට සහ නව දිය කඩනයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගීතාවය පුළුල් කර ගැනීම මෙන්ම වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් මහ කොමසාරිස්වරයා පැවසීය.

ඉන්දීය සංචාරකයින් සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දියානු රජය විසින් නම් කර ඇති බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේ ය.

Share.

Comments are closed.