ශ්‍රී ලංකාවට මුදල් ආධාර ලබා දීමේ වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීහු කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

කාර්ය මණ්ඩල එකඟතාවයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ සහ කළමණාකාරිත්වයේ අනුමැතිය ලැබුණු පසු ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ලෙස තවත් ඇමෙරිකානු ඩොලර් කෝටි 34 ක මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි එම නිවේදනයේ සඳහන්ය.

කාර්ය මණ්ඩල එකඟතාවයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පියවර දෙකක් සම්පූර්ණ කළ යුතු බව මුල්‍ය අරමුදල වැඩිදුරටත් දන්වා සිටියි. පළමු පියවර ලෙස ශ්‍රී ලංකාව මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කළ යුතු බවත් දෙවැනි පියවර ලෙස ශ්‍රී ලංකා බලධාරීන් දෙවැනි සමාලෝචනයේදී එකඟවූ කැපවීම් ක්‍රියාත්මක කළ යුතු බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරණය කලේය.

Share.

Comments are closed.