ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විණි.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 280ක් රැස් කළ අතර බංගලාදේශය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 188ක් පමණී.

ලකුණු 92ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 418ක් ලබා ගත්හ.

තරගයේ ජය බලාපොරොත්තුවෙන් ලකුණු 511ක ඉලක්කයක් හඹා යමින් දෙවන ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට රැස් කිරීමට හැකි වුණේ සියලුදෙනා දැවී ලකුණු 182ක් පමණී.
ඒ අනුව පළමු ටෙස්ට් තරගය ලකුණු 328 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූහ.

Share.

Comments are closed.