Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»බිත්තර මිල අඩු වෙන ලකුණු
Sri Lankan news

බිත්තර මිල අඩු වෙන ලකුණු

kumudikaBy kumudikaApril 1, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දේශීය බිත්තරයක මිල ඉදිරි කාලයේ දී රුපියල් 35කට වඩා අඩු වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

දේශීය බිත්තර නිෂ්පාදනය මේ වන විට සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇතැයි බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය අනාවරණය කර ඇත. සාමාන්‍යයෙන් මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර ලක්ෂ 65ක් වන අතර දැනටමත් දේශීය කුකුළු ගොවිපොළවල බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 ඉක්මවා ගොස් ඇතැයි පෙන්වා දෙයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ගනු ලැබූ දීර්ඝකාලීන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් මෙම සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වූ බැවින් ඉදිරියේ දී දේශීය බිත්තරයක මිල රුපියල් 35ට වඩා අඩු වනු ඇතැයි ඇමැතිවරයා සඳහන් කලේය.

මේ වන විට දේශීය වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 42- 48 දක්වා මිල ගණන යටතේ අලෙවි කෙරේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී දේශීය කුකුළු බිත්තරයක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇතැයි ඇතැම් පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම් විවිධ ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණද විශේෂයෙන් අලුත් අවුරුදු සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙඳපොළට සැපයීමට පියවර ගන්නා බවත් අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි. මෙරටට වාර්ෂිකව අවශ්‍ය මව් සතුන් සංඛ්‍යාව 85,000ක් වුවත් මේ වන විට සියලු කුකුළු ගොවිපළවල සිටින මව් සතුන් සංඛ්‍යාව 135,000 ඉක්මවා ගොස් ඇති අතර සියලුම කුකුළු ගොවිපොළවල කුකුළු පැටවුන්ගේ ධාරිතාවය සියයට සියයකින් සම්පූර්ණ කර තිබෙන බව කුකුළු මස් හා බිත්තර මිල සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පසුගිය 29 දා පැවැති රැස්වීමක දී ඇමැති මහින්ද අමරවීර මහතා වෙත කරුණු අනාවරණය වී තිබිණි. එමෙන්ම කොවිඩ් 19 වසංගත සමයේ දී වසා දමන ලද කුකුළු ගොවිපොළ සියල්ල ද මේ වන විට සක්‍රියව පවතින බව ද එහිදී අනාවරණය වී තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleතුන් වන තැඹිලි ගම්මානය ඇරඹේ
Next Article මෙරට චිත්‍රපට නිෂ්පාදනය AI තාක්ෂණය සමඟ පරිවර්තනයට රජයෙන් අතහිත
kumudika

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.