Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මෙරට චිත්‍රපට නිෂ්පාදනය AI තාක්ෂණය සමඟ පරිවර්තනයට රජයෙන් අතහිත
Sri Lankan news

මෙරට චිත්‍රපට නිෂ්පාදනය AI තාක්ෂණය සමඟ පරිවර්තනයට රජයෙන් අතහිත

kumudikaBy kumudikaApril 1, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සමඟම කලා ශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා විදෙස් පුහුණු අවස්ථා සලසා දෙන බවත්,  නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කලාව ද සූදානම් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය අද ලෝක චිත්‍රපට කලාවට එක්වී තිබෙන අතර ඒ සමඟ ඉදිරියට යමින් ශ්‍රී ලංකාවේ ද පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. පෙරේදා (30) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති 20 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කලේය.

දිවයිනේ කීර්තිමත් ව්‍යවසායකයෙකු වන Kingdom of Raigam සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය රවී ලියනගේ මහතාගේ සංකල්පයක් මත රයිගම් ටෙලීස් මහලේකම් කාර්යාලය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

2023 වසරේ තිරගත වූ ටෙලි නාට්‍ය, මාධ්‍ය වැඩසටහන් මෙන්ම රූපවාහිනී ප්‍රවෘත්ති වැඩසටහන් ආදී අංශයන්ගේ විශිෂ්ටතා ඇගයීමට ලක් කරමින් කාණ්ඩ හතක් ඔස්සේ සම්මාන හැටකට අධික ප්‍රමාණයක් පිරිනැමීම මෙහිදී සිදු විය.

රයිගම් විශේෂ ප්‍රණාම සම්මාන ප්‍රදානයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වූ අතර අතුල රන්සිරිලාල් මහතා, ගිවන්ත අර්ථසාද් මහතා සහ ග්‍රේස් තෙන්නකෝන් මහත්මිය යන ප්‍රවීණ කලා ශිල්පීන් එහිදී ජනාධිපතිවරයා අතින් සම්මාන ලැබීය.
එමෙන්ම ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන “රයිගම් ප්‍රතිභා ප්‍රභා” ගෞරව සම්මානය ආචාර්ය රෝහණ වීරසිංහ මහතා වෙත පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස ප්‍රවීණ රංගනවේදී මහේන්ද්‍ර පෙරේරා මහතා ද වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය ද ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විණි.

එමෙන්ම වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය මෙන්ම වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙස ප්‍රසන්න ජයකොඩි මහතා විසින් අධ්‍යක්ෂණය කළ සහ වසන්ත කන්නංගර මහතා විසින් නිෂ්පාදනය කළ “එයා දැන් බැඳලා” ටෙලි නාට්‍යය ජනාධිපතිවරයා අතින් සම්මානය හිමි විය.

වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙස හිරු ටීවී සහ සිරස ටීවී යන නාලිකා ද්විත්වය ජනාධිපතිවරයා අතින් සම සම්මාන දිනා ගත් අතර, වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාව සහ වසරේ සම්මානනිය නාලිකාව යන සම්මාන ද්විත්වයම දිනාගත් ස්වාධීන රූපවාහිනි ආයතනය ද ජනාධිපතිවරයා අතින් සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම සම්මාන රාත්‍රිය ප්‍රවීණ ගායක ගායිකාවන් සහ ප්‍රවීණ රංගනවේදීන් විසින් ඉදිරිපත් කළ විශේෂාංගයන්ගෙන් වර්ණවත් විය.

සම්මානයට පාත්‍ර වූ සියලු කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සමඟ සමූහ ජායාරූපයකට පෙනී සිටි ජනාධිපතිවරයා, ප්‍රවීණ කලාකරුවන්, ගායක ගායිකාවන් ඇතුළු පැමිණි සිටි පිරිස සමඟ සුහද කතා බහකට ද එක්වුණි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ජේ. බී. දිසානායක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද ප්‍රවීණ රංගනවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන්, ගායක ගායිකාවන්, කලාකරුවන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු සභාවනීය ආරාධිත පිරිසක් සම්මාන උළෙලට එක්ව සිටියහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබිත්තර මිල අඩු වෙන ලකුණු
Next Article පැරණි බදු නීතිය අහෝසි කිරීමට පියවර
kumudika

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.