Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පැරණි බදු නීතිය අහෝසි කිරීමට පියවර
Sri Lankan news

පැරණි බදු නීතිය අහෝසි කිරීමට පියවර

kumudikaBy kumudikaApril 1, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රුපියල් කෝටි 1600 ක බදු අදායමක් රජයට අහිමි කරමින් සිදුවූ සීනි බදු වංචාවට මුල්වූ වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි සිට ඉවත් කරන බවත් ඒ වෙනුවට හඳුන්වා දෙනු ලබන බද්ද වඩාත් විනිවිදභාවයෙන් යුත් ස්ථිර බදු වර්ගයක් විය යුතු බවත් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේය.

ආනයනික ආහාර ද්‍රව්‍ය සඳහා පනවා තිබූ රේගු සහ වැට් බද්ද ඇතුළු තීරුබදු කිහිපයක් වෙනුවට ආදේශකයක් ලෙස 2007 වසරේදී විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හඳුන්වා දුන් බව අමාත්‍යවරයා පැවැසුවේය.

රජය දේශීය වෙළඳපොළේ මිල පහළ දැමීමේ අරමුණින් සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහළ දැමීමට 2021 වසරේ ගත් තීරණය සීනි බදු වංචාවට හේතු වූ බවත් එලෙස බද්ද පහළ දැමුවත් වෙළඳපොලේ සීනි මිල පහළ නොගිය බවත් අමාත්‍යවරයා අවධාරණය කලේය.

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වෙනුවට සුදුසු, ස්ථාවර මෙන්ම විනිවිදභාවයෙන් යුත් බදු වර්ගයක් මාධ්‍ය කාලීනව හඳුන්වා දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනේ කැපවීමක් බවත් කැපවීම ඉටුකළ යුතු දිනය 2025 වසරේ ජනවාරි මාසය ලෙස සටහන් වන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

අර්තාපල්, සහල් සහ පරිප්පු වැනි විශාල වශයෙන් ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍යවලට බදු වර්ග හතරක් පහක් පැනවීමෙන් දේශීයව භාණ්ඩ වල මිල පාලනය කිරීම අපහසු වීම හේතුවෙන් එකල මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් එම බදු වර්ග සියල්ලටම ආදේශකයක් ලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හඳුන්වා දෙනු ලැබීය.

මෙම බදු නීතිය ප්‍රශ්නගත බවත් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අසාමාන්‍ය බදු වර්ගයක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික වාර්තාවේ සඳහන් විය.මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ ප්‍රතිශතය එක රැයෙන් වෙනස් කිරීමට හැකියාව පවතින බවත් මෙම බදු නීතිය සීනි බදු වංචාවටද හේතු වූ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමෙරට චිත්‍රපට නිෂ්පාදනය AI තාක්ෂණය සමඟ පරිවර්තනයට රජයෙන් අතහිත
Next Article සාජා හි නව ජල ව්‍යාපෘති කීපයක් ඇරඹේ
kumudika

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.