ඊජිප්ත්තුවේ නව ජනාධිපතිවරයා ලෙස හිටපු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසී තුන්වැනි වරටත් දිව්රුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කයිරෝ නුවර ආසන්නයේ ඉදිකර ඇති ඊජිප්තුවේ නව අගනුවරදී අල් සිසීගේ දිව්රුම් දීම සිදුවී ඇත.

69 හැවිරිදි ඔහු දශකයකට වැඩි කාලයක් පුරා ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අඛණ්ඩව කටයුතු කරමින් සිටින අතර, ඔහු තවත් වසර 6කට මේ පත් වී ඇත්තේ තුන්වැනි හා අවසන් ධුර කාලයට බව ද වාර්තා වේ. මීට මාස 3කට පෙර පැවැති ඊජිප්තු ජනාධිපතිවරණයේදී ඔහු 89.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය.

ඔහු ඊජිප්තුවේ හමුදාපති සහ ආරක්ෂක ඇමැතිවරයා ලෙස මීට පෙර කටයුතු කර ඇති අතර, පළමුවරට ජනාධිපතිවරයා ලෙස පත්වූයේ වර්ෂ 2013 දීය.

Share.

Comments are closed.