රටවල් 7ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් Visa ගාස්තු අය නොකිරීම තවත් මාසයකින් දීර්ඝ කර ඇත.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ මේ මස 30 දක්වා එය ක්‍රියාත්මක බවයි.

ඉන්දියාව, රුසියාව, චීනය, ඉන්දුනීසියාව, තායිලන්තය, ජපානය සහ මැලේසියාව යන රටවල්වල සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ට මෙම අවස්ථාව හිමි වේ.

සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

Share.

Comments are closed.