අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව සඳහන් වේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් ඉන් අමාත්‍යාංශ වෙබ් අඩවියේ දත්තවලට හානියක් සිදුවී නොමැති බව මේ වනවිට කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

Share.

Comments are closed.