හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ මහතා බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා පත් කරගෙන ඇත.

මීට පෙර ඔහු නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙස ද කටයුතු කර තිබුණි.
රමේෂ් සුබසිංහ ICC තුන්වන මට්ටමේ පුහුණුකරුවකු ලෙස ද සිය සුදුසුකම් සම්පූර්ණ කර ඇත.

අයදුම්කරුවන් 53 දෙනෙකු අතුරින් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා ඔහු තෝරා පත්කර ගෙන ඇති බව වාර්තා වේ.

බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමිය එරට නැගීඑන යොවුන් ක්‍රිකට් කණ්ඩායම වශයෙන් ද සලකනු ලබයි.

Share.

Comments are closed.