ශ්‍රී ලංකාවේ අධි­වේගී මාර්ග ඉදි කර පව­ත්වා­ගෙන යෑමේ විය­දම සමඟ වස­ර­කට බිලි­යන පහක් ලාබ ලැබු­වද ගෙවී­මට ඇති ණය ප්‍රමා­ණය රු. බිලි­යන 800ක් බැවින් දැනට ඇති මාර්ග සඳහා ගෙන ඇති ණය, පොලිය සමඟ ගෙවා නිම­ කි­රීමට වසර 160කට වැඩි කාල­යක් ගත­වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කලේය. බදු­ ගෙ­වන ජන­තාව මත මේ බර පැට­විය නොහැකි හෙයින්  අධි­වේගී මාර්ග සිය­ල්ලත් ඒවායේ වත්කම් 100%ක් රජය සතු සමා­ග­මක් වන සහ­ස්යා ඉන්වෙ­ස්ට්මන්ට් සමා­ග­මට පව­රා­දී­මට කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කර ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.”

ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශය යටතේ ක්‍රියා­ත්මක අධි­වේගී මාර්ග ජාලය කළ­ම­නා­ක­ර­ණය කිරීම සඳහා පිහි­ටු­වන ලද සහස්යා ඉන්වෙ­ස්ට්මන්ට් ආය­ත­නයේ ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරී ලෙස මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ වසර 28කට වඩා පළ­පු­රු­ද්දක් සහිත ජ්‍යෙෂ්ඨ ඉංජි­නේරු කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා පත් කෙරුණු අතර එම පත්වී­මට අදාළ ලිපිය ප්‍රවා­හන මහ මාර්ග හා ජන­මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා විසින් භාර දෙනු ලැබීය.

මීට සම­ගා­මීව සහස්යා ඉන්වෙ­ස්ට්මන්ට් ආය­ත­නයේ ප්‍රධාන මූල්‍ය නිල­ධාරී ලෙස ප්‍රවා­හන අමා­ත්‍යං­ශයේ පළ­පු­රුදු නිල­ධා­රී­නි­යක වන පී. ආර්. බී. සුමං­ගලී මහ­ත්මිය පත්කර තිබේ. මාර්ග සංව­ර්ධන අධි­කා­රිය සතු අධි­වේගී මාර්ග පද්ධ­තිය සහ එහි වත්කම් ඉදි­රි­යේදී සහස්යා ඉන්වෙ­ස්මන්ට් සමා­ගම යට­තට පත් කෙරෙනු ඇත.

මේ අව­ස්ථා­වේදී අද­හස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා මෙසේද කීවේය.

“මෙතෙක් කල් අධි­වේගී මාර්ග සහ පොදු මාර්ග පද්ධ­තිය ඉදි­කි­රීම, නඩත්තු කිරීම, සංව­ර්ධ­නය කිරීම, සහ පව­ත්වා­ගෙන යෑම සිදු කළේ මාර්ග සංව­ර්ධන අධි­කා­රිය මඟින්. නමුත් අධි­වේගී මාර්ග සහ අනෙ­කුත් මාර්ග පද්ධ­තිය එකට පැව­තීම යා දෙක නොරත රත එකට පෑහී­මක් නැත යන තත්ත්ව­යට සමානයි. A සහ B ශ්‍රේණියේ මහා මාර්ග මහ­ජන බදු මුද­ලින් ඉදි­කර නඩත්තු කරන පොදු භාණ්ඩ ගණයේ ලා සැලකෙනවා. එම නිසා එම මාර්ග භාවිතා කරන්නේ කවුද නැද්ද යන්න පහ­සු­වෙන් වෙන්කර හඳු­නා­ගත නොහැ­කියි. ඒ හේතු­වෙන්ම ඊට මිලක් අය කළ නොහැ­කියි. රටේ පොදු මහ­ජ­න­තාව බදු ගෙවන්නේ එවැනි මාර්ග තැනීම සඳ­හායි.

නමුත් අධි­වේගී මාර්ග පොදු භාණ්ඩ­යක් ලෙස නොසැ­ලකේ. එය භාවිතා කරන පිරිස් වෙන්කර හඳුනා ගැනීමේ හැකි­යාව පවතිනවා. එම පිරිස් හඳුනා ගනි­මින් ඒ සඳහා මිලක් අය කරනවා. මෙය වානිජ කට­යු­ත්තක් ලෙස වෙන්කර ගත යුතුයි. එසේ නොවු­ව­හොත් විශාල වශ­යෙන් ණය ලබා ගනි­මින් ඉදි­කළ මෙම මාර්ග සඳහා පොදු ජන­තා­වගේ බදු වලින් ගෙවීම් සිදු­කි­රී­මට සිදු­වෙ­නවා.

වාණිජ ව්‍යව­සා­ය­යක් ලෙස අධි­වේගී මාර්ග පද්ධ­තිය පව­ත්වා­ගෙන යෑම සඳහා 100%ක් රජයේ අයි­තිය සහිත කඩි­නම් ක්ෂණික තීරණ ගත හැකි, වඩා හොඳ මූල්‍ය වින­යක්, කළ­ම­නා­ක­ර­ණ­යක් ඇති, විශේ­ෂඥ දැනු­මක් සහිත අධ්‍යක්ෂ මණ්ඩ­ල­යක් අධි­වේගී මාර්ග පද්ධ­තිය පාල­නය කර­නවා. එහි සභා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කරන්නේ ප්‍රවා­හන හා මහ­මාර්ග අමා­ත්‍යං­ශයේ ලේක­ම්ව­ර­යායි. ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධා­රියා මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ නියෝජ්‍ය සාමා­න්‍ය­ධි­කා­රී­ව­ර­යෙක්. මූල්‍ය මෙහෙ­යුම් භාරව ර්කට­යුතු කරන්නේ ප්‍රවා­හන අමා­ත්‍යං­ශයේ නිල­ධා­රි­නි­යක්. අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ අනෙ­කුත් සාමා­ජි­ක­යන් භාණ්ඩා­ගා­රයේ රාජ්‍ය ව්‍යාපාර අංශයේ නිල­ධා­රීන් ඇතුළු පිරි­සක්.

අධි­වේගී මාර්ග තැනී­මට ගත් නොපි­යවූ විදේ­ශීය ණය ප්‍රමා­ණය රුපි­යල් බිලි­යන 800ක්. වාර්ෂි­කව ලබන ලාභය රුපි­යල් බිලි­යන පහක්. මෙලෙස දිගින් දිග­ටම රුපි­යල් බිලි­යන පහක් බැගින් ලාභ ලැබු­වත් මේ ණය ප්‍රමා­ණය ගෙවීම සඳහා වසර 160ක් ගත වෙනවා. අද උප­දින අයෙකු වසර අසූ­වක් ජීවත් වුවත් තවත් ජීවිත කාල­යක් ඉපදී මිය යන­තු­රුත් මේ ණය මුදල ගෙවී­මට සිදු­ව­නවා. එම නිසා විෂය භාර අමා­ත්‍ය­ව­රයා ලෙස වසර එක­හ­මා­ර­කට පෙර මේ අමා­ත්‍යං­ශයේ වැඩ භාර­ගත් අව­ස්ථාවේ සිට අධි­වේගී මාර්ග පද්ධ­තිය කාර්ය­ක්ෂම ඵල­දායි බවට පත් කිරී­මට යෝජනා රැසක් ඉදි­රි­පත් කළා.

විද්‍යුත් ටිකට් පත්‍ර ක්‍රම­යක් ඇති කිරීම, ස්වයං­ක්‍රීය ගේට්ටු පද්ධ­ති­යක් ඇති කිරීම, පෞද්ග­ලික අංශයේ ආයෝ­ජ­න­යන්ට ඉඩ ලබා­දෙ­මින් සේවා මධ්‍ය­ස්ථාන ඇති කිරීම, අධි­වේගී මාර්ග දෙපස සූර්ය­බල ව්‍යාපෘති ස්ථාප­නය කිරීම, ඉඩම් ඵල­දායි නිෂ්පා­දන සඳහා බද්දට ලබා­දීම ඇතුළු යෝජනා රැසක් එලෙස ඉදි­රි­පත් කළත් මේ වන­තෙක් ඒ කිසිදු යෝජ­නා­වක් ක්‍රියා­ත්මක වී නැහැ.

යෝජනා ඉදි­රි­පත් කර කැබි­නට් පත්‍රිකා ඉදි­රි­පත් කර, නිරී­ක්ෂණ ලබා ගනි­මින්, කමිටු, අනු­ක­මිටු පිහි­ටු­ව­මින් කාලය ගත­ව­නවා මිස අවශ්‍ය කාර්ය­භා­රය ඉටු­වන බවක් පෙනී යන්නේ නැහැ. විශාල ණය බරක් සහි­තව ක්‍රියා­ත්මක ආය­තන මේ ආකා­ර­යෙන් ගොඩ ගැනී­මට හැකි­යා­වක් නැහැ. එම නිසා අති­ශය නවීන ශිල්ප ක්‍රම හා ව්‍යව­සාය උපාය මාර්ග යටතේ කට­යුතු කර­මින් සහස්යා ඉන්නෙ­ස්මන්ට් සමා­ගම රටට නව අග­යක් එකතු කරන රාජ්‍ය ව්‍යව­සා­යක් බවට පත්වනු ඇති බව අප විශ්වාස කර­නවා.”

ප්‍රවා­හන හා මහ මාර්ග අමා­ත්‍යාංශ ලේකම් රංජිත් ගංගා­නාත් රූබ­සිංහ, මහා භාණ්ඩා­ගා­රයේ රාජ්‍ය ව්‍යව­සාය අධ්‍යක්ෂ ජන­රාල් සුසන්ත අතුල කුමාර , මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති චමින්ද අතු­ළු­වගේ , අධ්‍යක්ෂ ජන­රාල් ප්‍රියන්ත සූරිය බණ්ඩාර මහ­ත්ව­රුන්ද , අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේක­ම්ව­රුන්, අමා­ත්‍යං­ශය යටතේ ක්‍රියා­ත්මක ආය­ත­න­වල ප්‍රධා­නීන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

Share.

Comments are closed.