රාමසාන් උත්සව දිනය වෙනුවෙන් හෙට (10) ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ 7350  කට අධික නිලධාරින් පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසයි.

සෑම පොලිස් වසමට අයත් සියලුම ඉස්ලාම්  දේවස්ථාන වල මව්ලවි තුමන්ලා හමු වී මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇත.  දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203 ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453 කට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව පොලිස් නිළධාරීන් 5,580 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 510 ක් සහ ත්‍රිවිධ හමුදා නිළධාරීන් 1,260 ක් සමගින් 7,350 කට අධික ආරක්ෂක භට පිරිසක් යෙදවීමට මේ වනවිටත් කටයුතු යොදා තිබේ.

Share.

Comments are closed.

Exit mobile version