තෝරා ගත් ආහාර ද්‍රව්‍ය කීපයක් සඳහා ප්‍රකාශිත මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී ඇත.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් තෝරා ගත් ආහාර ද්‍රව්‍ය වල ඇස්තමේන්තු ගත මිල ගණන් අධ්‍යයනය කොට සතිපතා ක්‍රියාත්මක කරන බව රජය පවසයි. 

මේ වන විට රුපියල ශක්තිමත් වෙමින් තිබුණද ආහාර මිලේ අඩුවක් දක්නට නොමැති හෙයින් මෙම පියවර ගන්නා බව රජය සඳහන් කරයි.
තෝරා ගත් අත්‍යවශ්‍ය ආහාර නවයකට අදාලව ප්‍රකාශිත මිල ගණන් පිළිබඳ වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගෙන ඇත.

Share.

Comments are closed.