ඊද් අල් ෆිතර් සැමරීම වෙනුවෙන් ඩුබායි නගරය පුරා මල්වෙඩි සංදර්ශන 5ක් පැවැත්වීමට සූදානම් කෙරේ. ඊද් අල් ෆිතර් සති අන්තය එළඹෙන විට, ඩුබායි නගරයේ අලංකාර මල්වෙඩි සංදර්ශන මාලාවක් දැකිය හැකියි. ඇතැම් පවුල් මෙම කාල සීමාව තුළ විදේශ රටවල සංචාරය කිරීම තෝරා ගන්නා අතර තවත් පිරිසක් රට තුළ උත්සව වල විනෝද වීමට කැමැත්තක් දක්වති. රාමසාන් ආරම්භයේ සිට ඩුබායි හි ඇතැම් ස්ථාන වල මල්වෙඩි සංදර්ශන පැවැත් වූ අතර ඊද් අල් ෆිතර් ආසන්න වන විට නගරයේ ප්‍රධාන ස්ථානවල වඩා විශාල මල් වෙඩි සංදර්ශන නැරඹිය හැක.

ඉදිරි මල්වෙඩි සංදර්ශන පවත්වන ස්ථාන සහ දිනයන් මෙසේය.

Global village –  අප්‍රේල් 10 සිට 14 , රාත්‍රී 9.00  සිට
Dubai park & resort – අප්‍රේල් 10-12  – ඊද් පළමු රාත්‍රියේ මල්වෙඩි සංදර්ශනයක් මෙහි පැවැත් වේ.

Dubai Festival City mall – අප්‍රේල් 10, දා රාත්‍රි 8.00 සිට
Hatta  –  අප්‍රේල් 10 දා රාත්‍රි 8.00
Al seef අප්‍රේල් 11 දා, රාත්‍රි 8.00 සිට
Blue waters Island – අප්‍රේල් 12 දා රාත්‍රි 8.00 සිට
The beach , JBR – අප්‍රේල් 12 දා  රාත්‍රි. 8.00 සිට

Share.

Comments are closed.