හමුදාවට අනුයුක්තව සේවය කරන 35,000 ක ගුවන් භට පිරිස 2030 වසර වන විට 18,000 කට පමණ අඩුකිරීමට බලාපොරොත්තු වන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පසුගිය දා පැවැසීය.

අඩු කරනු ලබන ගුවන් භට පිරිස් වෙනුවට නවීන තාක්ෂණය උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වන බව ද ගුවන් හමුදාපතිවරයා සඳහන් කලේය.
ගුවන් හමුදාපතිවරයා ඒ බව පැවැසූවේ අකුරගොඩ ගුවන් හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ ගුවන් හමුදාපතිවරයා සඳහන් කලේ ,

“අපි දැනටමත් ගුවන් භට පිරිස් අවම කිරීමේ කාර්ය සිදුකරන අතර ඊට සමාගාමීව නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීම සදහා විශේෂ අධ්‍යයනවල නියැලෙනවා. තාක්ෂණය කාලයෙන් කාලයට වෙනස්වන විට එහි ඇති මිල ගණන් ද අඩුවෙනවා.

සී.සී.ටී.වී යනු අපට අලුත් දෙයක් නෙවෙයි. එවැනි තාක්ෂණයක් යොදාගෙන අපට ගුවන් භට පිරිස් යම්තාක් දුරට අඩු කිරීමට හැකියාව තියෙනවා. උදාහරණයක් ලෙස කිලෝමීටර් ගණනක් දුරට ආරක්ෂාව ලබාදීම සදහා විශාල භට පිරිසක් යෙදවීමට අපට සිදුවෙනවා. එහෙත් අපි අධි තාක්ෂණික කැමරා තාක්ෂණය යොදාගත හොත් අපට එම භට පිරිස් සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකියාව තියෙනවා.”

Share.

Comments are closed.