මෙවර ඡන්ද හිමි නාම ලේඛනයේ ප්රතිශෝධන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා කියා සිටියේ එහි ඊළඟ අදියර ලෙස මැයි මස 6 වෙනි දා දක්වා ඡන්ද හිමියන්ගේ හිමිකම් ඉල්ලීම් කාලය පවතින බවයි.
ඒ යටතේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් නොවේ නම් හිමිකම් ඉල්ලීම හා 2024 කෙටුම්පත් ඡන්ද හිමි නාම ලේඛනයේ වැරදි නමක් ඇතුළත් වේ නම් ඒ සඳහා හිමිකම් අයැදුම්පතක් ඉල්ලීම හා විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.