Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මෙරට ග්‍රාමීය සංවර්ධනයට කොරියාවෙන් අතහිත
Sri Lankan news

මෙරට ග්‍රාමීය සංවර්ධනයට කොරියාවෙන් අතහිත

kumudikaBy kumudikaApril 11, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අධ්‍යාපනය, සෞඛ්‍යය, පුනර්ජනනීය බලශක්තිය, රැකියා, කෘෂිකර්මය සහ ග්‍රාමීය සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට වැඩිදුර සහාය ලබාදීමට කොරියාව එකඟතාව පළකර ඇත.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කොරියානු සංචාරයේ දී කරන ලද සාකච්ඡාවල දී ගනු ලැබූ තීරණ පිළිබඳ පසුවිපරම් ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා කොරියානු ජනරජයේ තානාපති මියොන් ලී මහත්මිය හා අගමැතිවරයා අතර කොළඹ අගමැති කාර්යාලයේ දී ඊයේ (10) හමුවක් පැවැත්විණි.

අගමැතිවරයා පසුගියදා සිදු කළ සංචාරයේදී කොරියානු ජනරජයේ අගමැති හැන් ඩක් සෝ (Han Duck-so), ජාතික මන්ත්‍රණ සභාවේ කථානායක කිම් ජින්-පියෝ (Kim Jin-pyo), ග්යෙන්ග්සන්ග්-ඩු (Gyengsang-do), පළාතේ ආණ්ඩුකාර ලී චෙයොල් වූ (Lee Cheol-Woo) සහ එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් සහ හරිත වර්ධන ආයතනයේ (Green Growth Institute) වත්මන් සභාපති බෑන් කී මූන් සමඟ සාකච්ඡා පැවැත්වීය. අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි පාසල් මට්ටමින් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය දියුණු කිරීමට රජය ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ පාසල් 1, 000කට සුහුරු පන්ති කාමර ලබාදීමට කොරියාව එකඟ විය.

රජයේ රෝහල්වල කෙටිකාලීනව වෛද්‍ය කටයුතුවල යෙදීම සඳහා වෛද්‍යවරුන් සහ වෛද්‍ය කණ්ඩායම් ශ්‍රී ලංකාවට එවීමටත් මෙරට වෛද්‍යවරුන් සමඟ ඔවුන්ගේ විශේෂඥ දැනුම බෙදා ගැනීමටත් කොරියාව කටයුතු කරනු ඇත. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අමතරව ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා තම රට කටයුතු කරන බව තානාපති මියොන් ලී මහත්මිය පැවැසුවාය.

ජල පිරිපහදුව, සනීපාරක්ෂාව, අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධති සහ වියළි කලාපීය කෘෂිකර්මාන්තය පිළිබඳ ව්‍යාපෘති තුනක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව එම මහත්මිය සඳහන් කලාය. පුනර්ජනනීය බලශක්තියට අදාළ නියමු ව්‍යාපෘතියක් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ චන්ද්‍රිකා වැව මත පාවෙන සූර්ය පැනල සවි කිරීම ද කොරියාව විසින් සිදු කරනු ලබන අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා පුහුණු/වෘත්තීය අංශවල මෙන්ම කාලීනව කෘෂිකාර්මික අංශයේ රැකියා කෝටාව වැඩි කිරීමට කොරියානු නායකයින් එකඟ වී ඇත.

සිය කෙටි සංචාරයේ දී ලබාදුන් විශිෂ්ට සහයෝගිතාව සහ ආගන්තුක සත්කාරය පිළිබඳව අගමැතිවරයා මෙහි දී කොරියානු රජයට ස්තුතිය පළ කළේ ය.

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි යදාමිණි ගුණවර්ධන, අගමැති ලේකම් අනුර දිසානායක, උපදේශක සුගීස්වර සේනාධීර, කොරියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් සොහ්න්ග්යී ජුන්ග් (Sohngyee Jung) යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධන ඇරඹේ
Next Article හම්බන්තොටින් බහාලුම් ප්‍රතිනැව්ගත කිරීම නැවතත්
kumudika

Related Posts

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.