මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ සිට මුදාගත් ශ්‍රී ලාංකිකයින් 8 දෙනා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති වෙත භාර දී ඇතැයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා පවසයි.

ඉදිරි දින කිහිපය තුළ ඔවුන් ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිත බවද තානාපතිවරයා සදහන් කළේය.
එසේම මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බව ජානක බණ්ඩාර මහතා කියා සිටියේය.

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ ඇති ප්‍රදේශයක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනෙකු රදවාගෙන විවිධ සයිබර් අපරාධ සඳහා යොදා ගනිමින් සිටින බව මීට මාස කිහිපයකට පෙර අනාවරණය විය.

මේ වසරේ මාර්තු මාසයේදී මියන්මාර නිලධාරීන්ගේ සහාය ඇතිව 56 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු බේරාගෙන තිබුණි.

මුදාගැනීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයින් හය දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම මියන්මාරයේ Myawaddy පොලීසිය විසින් රඳවා ගනු ලැබීය.

ශ්‍රී ලංකා දූත මණ්ඩලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ බලධාරීන් විසින්   මුදාගත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ආපසු දිවයිනට රැගෙන ඒම සඳහා පියවර ගනු ලබයි.

Share.

Comments are closed.