යුරෝපා ගමනාන්ත සඳහා පවතින ගුවන් ගමන් මාර්ග මේ වන විට වෙනස් කරමින් පවතින බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවේ ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන් ආරක්‍ෂක පියවරක් ලෙස එම ගුවන් මාර්ග වෙනස් කිරීමට සිදු වන බවයි.

ඒ අනුව යුරෝපයට පියාසර කරන වේලාවන් දීර්ඝ කර ඇති  බව සඳහන්ය.
එම තත්ත්වය හේතුවෙන් ගුවන් යානා සඳහා අමතර ඉන්ධන අවශ්‍ය වන අතර එයට පිළියමක් ලෙස ගුවන් යානයේ රැගෙන යා හැකි  බර  ප්‍රමාණය අඩු කිරීමට කටයුතු යොදනු ඇත.

මේ අතර ලන්ඩන් බලා පියාසර කරන ගුවන් යානා නියමිත වේලාවට පැයකට පෙර ගමන් ආරම්භ කිරීමට නියමිතය.
මේ හේතුවෙන් ලන්ඩන් බලා ගමන් ගන්නා මගීන් ගුවන් තොටුපොළට කල්වේලා ඇතිව පැමිණිය යුතු බව ශ්‍රී ලංකන් ගුවන් සේවය දන්වා ඇත.

කාල වේලාවන් වෙනස් කිරීමෙන් අපහසුතාවන්ට පත්වන මගීන්ට විකල්ප ගුවන් යානා සහ නවාතැන් පහසුකම් සැපයීමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් බළධාරීන් සඳහන් කළේ ය.

Share.

Comments are closed.